පළාත් කිහිපයක ඉදිරි දින කිහිපයේ දී වැසි අඩුවීමක්
Saturday, 25 January 2020 - 7:19 | Views - 427
නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සනුම් දෙනවා.
සබරගමුව පළාතෙත් කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් අද (25) පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.
නැගෙනහිර පළාතේ සිහින් වැසි ඇති විය හැකියි.
වයඹ පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 40 දක්වා පමණ වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
Share This Article