මව සොයා නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රසෙලා
Friday, 24 January 2020 - 21:46 | Views - 2,521
අම්මා.. මේ සෙනෙහසට සමාන කරන්න කිසිවක් ලෝකයේ නැහැ.

තම කුඩා අවධියෙන් ගිලිහුණු එවැනි මාතෘ සෙනෙහසක් සොයා නෙදර්ලන්ත කාන්තාවක් හිරු ප්‍රවෘත්ති අංශය වෙත පැමිණියා.

මේ වනවිට 35 වන වියේ පසුවන ප්‍රසෙලා ලාංකික සම්භවයක් ඇති නෙදර්ලන්ත කාන්තාවක්.

1985 අප්‍රේල් 17 වන දින ද සොයිසා කාන්තා රෝහලේ උපත ලබන ප්‍රසෙලාගේ ලාංකික නම නදීකා තුෂාරි.

වයස අවුරුදු 1 හමාරේදී ඇය නෙදර්ලන්ත කාන්තාවකට හදා වඩා ගැනීම සඳහා ලබාදෙන අතර මේ වනවිට ඇය පිරිමි දරුවන් දෙදෙනෙකුගේ මවක්.

ප්‍රසෙලා ඉකුත් 9 වැනිදා ලංකාවට පැමිණෙන්නේ තමන් මෙළොවට බිහිකළ මව සොයා ගෙනයි.

ඇය පවසන ආකාරයට පතිරණගේ දයානන්දනී නම් ඇයගේ මව කළුතර ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

මව සොයා ගැනීමේ අභිප්‍රායෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඇය මව පිළිබඳ තොරතුරු ඇතුළත් කර මව සොයා ඇති අතර, එහිදී ලාංකිකයෙක් ඇයට පවසා ඇත්තේ
ඇයගේ මව සොයා ගත් බවයි.

කෙසේ නමුත්, මේ වනවිට ඇයගේ එකම අභිප්‍රාය වී ඇත්තේ තම මව දෑසීන් දැකීමයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top