අධිකරණයට අපහාස කළ චෝදනාවකට නීතිඥ අජිත් ප්‍රසන්න රිමාන්ඩ්
Friday, 24 January 2020 - 16:47 | Views - 406
මාධ්‍ය හමුවකදී අධිකරණයට අපහාස කළ බවට වන චෝදනාවකට අදාළව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔහු අද කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිද්ධියට අදාළ පැමිණිලි අධිකරණය හමුවේ ගොනුකර තිබුණා.
Share This Article