බොලිවුඩ් ස්ටාර් ෆවර් රැන්ක් ශ්‍රේණිගත කිරිම්හි දෙවැනි තැන ආක්ෂේ කුමාර්ට
Friday, 24 January 2020 - 16:41 | Views - 787
‘ගුඩ් නිවුස්’ චිත්‍රපටය ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 200කට වඩා වැඩි ආදායමක් උපයා ගැනීම හේතුවෙන් ‘බොලිවුඩ් ස්ටාර් ෆවර් රැන්ක්’ ශ්‍රේණිගත කිරිම්හි දෙවැනි තැන දිනා ගැනීමට බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් සමත්ව ඇත. ඔහුට මේ වනවිට හිමිව ඇති ප්‍රසාද ලකුණු ප්‍රමාණය 1700කි. සුපිරි නළු සල්මාන් ඛාන් මේ වනවිට ප්‍රසාද ලකුණු 2500ක් හිමි කරගෙන මෙම ලැයිස්තුවේ මුල්තැන දිනා සිටියි. සිනමා විචාරකයන් පවසන්නේ ගෙවි යන මේ වසරේදී ආක්ෂේ කුමාර් විසින් සල්මාන්ව අභිභවා මෙම ලැයිස්තුවේ මුල්තැනට පත්වීමට අවස්ථාවක් ඇති බවය. ඒ ආක්ෂේ කුමාර් මේ වසරේ රංගනයෙන් එක්වෙන සුපිරි කිහිපයක්ම තිරගත වීමට නියමිතව ඇති නිසාවෙනි.
Share This Article