බිබිල - කරාඩුගල වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට
Friday, 24 January 2020 - 15:37 | Views - 614
බිබිල - කරාඩුගල - පිටකුඹුර ප්රදේශයේදී පවුල් ආරවුලක් හේතුවෙන් කාන්තාවක් වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, නිල්ගල රක්ෂිතයේ සැඟව සිටියදියි. වෙඩි තැබීමට යොදාගත් ගිනි අවියද මෙහිදී සොයාගෙන ඇති අතර, සැකකරු වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඔහුගේ බිරිඳගේ වැඩිමහල් සොහොයුරියයි.
වෙඩි තැබීමෙන් ඇගේ සැමියාට සහ ඝාතනය සිදුකළ සැකකරුගේ 36 හැවිරිදි දියණියටද බරපතල තුවාල සිදුවුණා.
ඔවුන් බිබිල මූලික රෝහලේ ප්රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Share This Article