අයියා සෙල්ලමට මුහුණට වැලි දමලා- නිදි ඇඳේ සිටි මාස 07ක බිළිඳා මියගිහින්
Friday, 24 January 2020 - 15:24 | Views - 5,486
තුන්හැවිරිදි පිරිදි වැඩිමහල් සොහොයුරා විසින් සෙල්ලමට මුහුණට වැලි දැමීම නිසා රෝගාතුර වූ මාස හතත බිළිඳෙකු පසුගියදා (22) පස්වරුවේ රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් ඇතැයි පනාමුර පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ පනාමුර, මහයාය ප්රදේශයේ පදිංචි ලක්ෂිත දෙනෙත් ඉඳුවර නමැති සිඟිත්තෙකි.
සිද්ධිය වූ දින මව තම සිගිති පුතු ඇඳෙහි නිදි කරවා පිටතට ගොස් ඇති අතර ඒ අස්ථාවේදී කාමරයට ඇතුළු වී සිඟිත්තාගේ සොහොයුරා සිඟිත්තාගේ නහය හා මුඛය ප්රදේශයට
සියුම් වැලි දමා ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.
"අම්මේ මම මල්ලිට වැලි කැව්වා' යැයි වැලි දැමීමෙන් අනතුරුව තුන් හැවිරිදි පුතු සිය මවට පවසා ඇති අතර අනතුරුව මව දරුවාගේ මුහුණට දමා තිබූ වැලි ඉවත්කර දරුවා රැගෙන මහ පාරට දිවගොස් විලාප නඟා ඇත.
මවගේ විලාපය ඇසුණු අසල්වැසියන් එම ස්ථානයට පැමිණ දරුවාත් මවත් ඇඹිලිපිටිය දිස්ත්රික් මහ රෝහලට රැගෙන ගොස් ඇති බවත් රෝහලට ඇතුළත් කර සිටි දරුවා පසුව මියගොස් ඇති බවත් පොලිසිය කියයි.
Share This Article