වසර 40කට කලින් රු.500කට ස්වීඩනයට විකිණූ බාල දියණිය මව සොයා ආ ගමන
Friday, 24 January 2020 - 14:30 | Views - 1,517
ස්වීඩන් රටේ පවුලක් වයස අවුරුදු එක හමාරක් වන මෙරට උපන් දියණියක් නීත්‍යනුකූලව දරුකමට හදා ගැනීම සඳහා ලබාගෙන ගොස් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා වසර හතළිස් පහකට පසුව පැමිණි අවස්ථාවේ මෙම දියණිය තම මව සොයා ගැනීමේ පුවතක් මහනුවර ගුන්නෑපාන, දෙගල්දොරුව ග්‍රාමයෙන් වාර්තා වෙනවා.

ඩබ්.ජී. විමලි යන නමින් හැඳින්වූ මෙම දියණිය වයස අවුරුදු එකහමාරක් වන අවධියේ එනම් 1975 වසරේදී ස්වීඩන් රටට රැගෙන ගිය අතර පසුව ඇයට “ඇනා මාගරිටා රෝලන්” යන නම තබා තිබෙනවා.

පසුව එරට සිය අධ්‍යාපනය ලැබ තම රැකියාව වශයෙන් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නියැලුණු බවයි සදහන් වන්නේ.

වසර 45කට පසුව තම මවුරටට ප්‍රථම වරට සංචාරයක් සඳහා පැමිණි ඇනා මාගරිටා රෝලන් මහත්මියට තම මවුපියන් සොයා ගැනීමේ එකම අරමුණ වූ බවයි පවසන්නේ.

තමාගේ උප්පැන්න සහතිකය අනුව මහනුවර සංචාරයකට පැමිණි ඇය සංචාරක හෝටලයකට පැමිණියේ තම මවුපියන් සොයා ගැනීමේ විස්තර සොයා ගැනීමටයි.

පසුව ඇනා මාගරිටා රෝලන් මහත්මියගේ උප්පැන්න සහතිකය අනුව මවුපියන් සොයා ගිය මෙම පිරිසට ගුන්නෑපානේ දෙගල්‍ෙදාරුවේ අංක 35 දරන නිවෙසේ පදිංචිව සිටි වයස අවුරුදු 85ක් වන මව සොයා ගැනීමට හැකි වූ බවයි සදහන් වන්නේ.

තම මව සොයාගත් නමුත් දැනට වසර 40කට පමණ පෙර සිටම පියා අංශභාග රෝගයෙන් සිටි අතර හෙතෙම මිය ගොස් තිබෙනවා.

මවගේ හමුවීමෙන් පසුව විමලි හෙවත් ඇනා මාගරිටා රෝලන් මහත්මිය සතුට ප්‍රකාශ කරන්නේ මෙහෙමයි,

“මම බොහෝම ආසාවෙන් සිටියේ මා උපන් ශ්‍රී ලංකාවේ සංචාරයකට ආවම මගේ මව සොයා ගැනීමට. මගේ ඒ සිහිනය සැබෑ වුණා.

හරිම සතුටෙන් සිටියේ මව බලන්න. නැවත මව මුණගැහෙයි කියා සිතුවේ නැහැ. හිතාගන්න බැරි සතුටක් අද මට. මට පුළුවන් අයුරින් මම අම්මාට උදවු කරනවා.”

තම බාල දියණිය වසර හතළිස් පහකට පසුව හමුවීමෙන් අනතුරුව ඩබ්.ජී. ලීලාවතී මහත්මිය තම සතුට ප්‍රකාශ කළේ,

“මට නම් හිතාගන්නවත් බැහැ මගේ බාලම දියණිය දකින්න ලැබෙයි කියා. පුදුම සතුටක් ලැබුණේ. 1975දී තමයි දුව සුදු නෝනා කෙනකුටයි මහත්තයෙකුටයි ඇයව දරුකමට හදාගන්න දුන්නේ. මට දුවලා පුතාල නව දෙනෙක් සිටිනවා. ඒ කාලයේ මගේ සැමියා අංශභාග රෝගය වැලඳී සිටියේ. ආර්ථික අමාරුකම් නිසා රුපියල් පන්සියයකට තමයි දුව දුන්නේ. අද ජීවත්ව සිටින මගේ බාල දියණිය ගැන මට හරිම සතුටුයි. හීනෙකින්වත් හිතුවේ නැහැ මට විමලි දුව ආපසු දකින්න ලැබෙයි කියලා”යි දෙනෙතින් වැගිරෙන කඳුළු පිසදමමින් ඒ අහිංසක වයෝවෘද්ධ මාතාව පැවසුවා.

ඩබ්.ජී. විමලි හෙවත් ඇනා මාගරිටා රෝලන් මහත්මිය තමාගේ සැමියා වන ස්වීඩන් ජාතික සිවිල් ඉන්ජිනේරු ක්‍රාෆ්ට් මහතා සමඟයි තම මව සොයා පැමිණ සිටියා.

ඩබ්ලිව්. අළුගොල්ල
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top