කොමදෝරු ඩී.කේ.පී. දසනායක ඇතුලු 13 දෙනෙකුට අධිචෝදනා භාරදෙයි
Friday, 24 January 2020 - 14:03 | Views - 629
තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොමදෝරු ඩී.කේ.පී. දසනායක ඇතුලු 13 දෙනෙකුට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අධිචෝදනා භාරදුන්නා.

ඒ චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.

අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් 25,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි නියෝග කෙරුණේ.

මෙම සිද්ධියේ සැකකරුවෙකු වන හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අද අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔහුට යළි සිතාසි නිකුත් කරනු ලැබුවා.

එමෙන්ම සැකකරුවන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාරදෙන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල ඔවුන්ගේ ඇඟිලි සළකුණු වාර්තාවක්ද කැඳවූ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top