කොමදෝරු ඩී.කේ.පී. දසනායක ඇතුලු 13 දෙනෙකුට අධිචෝදනා භාරදෙයි
Friday, 24 January 2020 - 14:03 | Views - 630
තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොමදෝරු ඩී.කේ.පී. දසනායක ඇතුලු 13 දෙනෙකුට කොළඹ විශේෂ ත්රිපුද්ගල මහාධිකරණය අද අධිචෝදනා භාරදුන්නා.
ඒ චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන විශේෂ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.
අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් 25,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි නියෝග කෙරුණේ.
මෙම සිද්ධියේ සැකකරුවෙකු වන හිටපු නාවික හමුදාපති විශ්රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අද අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔහුට යළි සිතාසි නිකුත් කරනු ලැබුවා.
එමෙන්ම සැකකරුවන්ගේ විදෙස් ගමන් බලපත්ර අධිකරණයට භාරදෙන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල ඔවුන්ගේ ඇඟිලි සළකුණු වාර්තාවක්ද කැඳවූ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
Share This Article