බස් කොන්දොස්තරවරයෙකුට පහරදුන් පියෙකු සහ පුතෙකු අත්අඩංගුවට
Friday, 24 January 2020 - 10:33 | Views - 442
ආරච්චිකට්ටුව ප්රදේශයේදී බස් කොන්දොස්තරවරයෙකුට පහරදුන් සිද්ධියකට පියෙකු සහ පුතෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ කොළඹ සිට මන්නාරම දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක ගාස්තු අයකිරිමේදි ඇති වූ ගැටළුවක් හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම ප්රදේශයේ පදිංචි, බස් රථයේ කොන්දොස්තරවරයා පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔවුන් හලාවත බුරුතකැලේ ප්රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළා.
Share This Article