දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
Friday, 24 January 2020 - 8:37 | Views - 474
අද පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව, බස්නාහිර පළාත් මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට මෙලෙස ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා කළුතර දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
Share This Article