කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත්කළ කපුවා අත්අඩංගුවට
Friday, 24 January 2020 - 8:25 | Views - 765
හැරදමා ගිය සැමියා යළි ගෙන්වා දෙන බව පවසමින් 27 හැවිරිදි විවාහක කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කළ බව කියන දේවාලයක කපුවෙකු ඊයේ (23) අත්අඩංගුවට ගත්බව ගිරාඳුරුකෝට්ටේ පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරාදුරුකෝට්ට අළුත්තරම පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි.

කපුවා තමාගේ රුපියල් 20.000 ක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් බවට ද කාන්තාව විසින් පොලිසියට පැමිණිලි කරනු ලැබ ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ ගිරාඳුරුකෝට්ටේ පොලිසිය සැකකාර කපුවා අත්අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබේ.

එම කාන්තාව රවටා රුපියල්  20.000 ක මුදලක් වංචා කර ඇයට ලිංගික අතවර කිරීමට තැත් කළ බවට උසාවිය හමුවේ වරද පිළිගත් කපුවා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස මහියංගන මහේස්ත්‍රාත් ලක්ෂ්මන් ප්‍රියන්ත මහතා  ඊයේ  නියෝග කළේය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top