ලොවක් කැළඹු චීනයේ කොරෝනා වෛරසය
Thursday, 23 January 2020 - 20:19 | Views - 514

ගෝලීය වසංගතයක් වුන කොරොන වයිරසය ඇතිවීම වැළැක්වීම සඳහා ලොව පුරා සෞඛ්‍ය බලධාරීන් පොරකමින් සිටින අතරේ චීනය නගර දෙකක් අගුලු එම රෝගයේ කේන්ද්‍රස්ථානයට පැමිණ තිබෙන බව තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ වෙද්දී 17 දෙනෙකු මියගොස් 600 කට ආසන්න සංඛ්‍යාවකට  රෝගය ආසාදනය වෙලා තියනවා කියලත් දැනගන්න ලැබෙනවා.

එළඹෙන සෙනසුරාදාට යෙදෙන චන්ද්‍ර අළුත් අවුරුද්ද සඳහා ලැබෙන දීර්ඝ නිවාඩුව වෙනුවෙන් චීන ජාතිකයන් දේශීය මෙන්ම විදේශීය සංචරයන්ගේ නිරත වීමට සුදානම් වීම මෙම රෝගය තවදුරටත් ව්‍යාප්තවීමට හේතුවක් වනු ඇති බවට එරට වෛද්‍ය නිලධාරීන් බියකින් සිටින බවයි දැනගන්නට ලැබෙන්නේ.    

මධ්‍යම චීන නගරයක් වන වුහාන් හි සත්ව වෙළඳපොළක නීතිවිරෝධී ලෙස වෙළඳාම් කරන ලද වන සතුන්ගෙන් මෙම නොදන්නා වෛරසය පසුගිය වසරේ අගභාගයේදී මතුව ඇති බව තමයි දැනට සෞඛ්‍ය නිලධාරීන් සැක පල කරන්නේ .

මිලියන 11ක ජනගහනයක් සිටින වුහාන් හි බොහෝ ප්‍රවාහන කටයුතු බ්‍රහස්පතින්දා උදෑසන සිට අත්හිටුවා ඇති අතර මිනිසුන්ට පිටව නොයන ලෙස දැනුම් දී තිබෙනවා. පැය කිහිපයකට පසු, මිලියන 6 ක පමණ ජනතාවක් සිටින අසල්වැසි හුවාන්ගාං හි රාජ්‍ය මාධ්‍යද කියා සිටියේ එයට සමාන අගුලු දැමීමක් තම නගරය තුලද සිදුකෙරෙන බවයි. 

චීන බලධාරීන් වෛරස් ආසාදන සංඛ්‍යාව පිළිබඳව නව තොරතුරු කිසිවක් ලබා නොදුන් නමුත් එය බීජිං, ෂැංහයි සහ හොංකොං සහ එක්සත් ජනපදය ඇතුළු තවත් රටවල් කිහිපයක වාර්තා වී ඇති බවත් එය දැනටමත් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතී යන බියක් ජනිත කරවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වුහාන්ගේ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වන හැන්කූ දුම්රිය ස්ථානය පාළු වී ඇති අතර ගේට්ටු අවහිර කර ඇතුල්වීම තහනම් කර තිබෙනවා. එලෙසම නගරයෙන් පිටව නොයන ලෙසත් එරට රජය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top