පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා නොවී, පාර්ලිමේන්තුවෙන් පිටතදී, ප්‍රකාශ සිදුකරන ලෙස, හිරු සභාපති රේනෝ සිල්වාගෙන්, රන්ජන්ට සහ හිරුණිකාට අභියෝගයක් - තම කීර්ති නාමයට සිදුකළ හානිය වෙනුවෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග
Thursday, 23 January 2020 - 19:14 | Views - 266
පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය විසින් කුඩු ව්‍යාපාරයේ යෙදෙන බවට හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාටත්, හිරු මාධ්‍ය ජාලයටත්, පසුගියදා පදනම් විරහිත, අසත්‍ය, අභූත චෝදනා රැසක් එල්ල කළා.

ජනතාවට සේවය කරන බව පවසමින් ජනතා ඡන්දයෙන් තේරී පත්වී ජනතා ප්‍රශ්න පසෙකලා, ඉතා අශෝභන ලෙස පාර්ලිමේන්තුව තුළ හැසිරෙමින් සිදුකළ එම ප්‍රකාශ දැඩි පිළිකුළෙන් යුතුව බැහැර කරන බව හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා ප්‍රකාශ කරනවා.

රේනෝ සිල්වා මහතා ඔවුන්ට අභියෝග කරන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී කාඞ්බෝඩ් වීරයින් සේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී, හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතදී එම ප්‍රකාශ එලෙසම සිදුකරන ලෙසයි.

එසේ වුවහොත් එම මොහොතේදීම අධිකරණය ඉදිරියේ දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉතා  ඕනෑකමින්, සූදානම්ව සිටින බව ද, හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අවධාරණය කළා.

කිසිදු සොයා බැලීමකින් තොරව එම සාවද්‍ය ප්‍රකාශ විකාශය කළ මාධ්‍ය නාලිකා වලට එරෙහිව, තම කීර්ති නාමයට සිදුකළ හානිය සඳහා රුපියල් බිලියනයක වන්දි ඉල්ලා මේ වනවිටත් එන්තරවාසි යවා ඇති බව රේනෝ සිල්වා මහතා සඳහන් කළා.

කශේරුකාවක් නොමැති මෙම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී මෙම සාවද්‍ය ප්‍රකාශ සිදුකරන්නේ පාර්ලිමේන්තුව තුළ සිදුකරන ප්‍රකාශවලට අධිකරණ ක්‍රියාමාර්ග ගත නොහැකි නිසාවෙනි. හැකිනම්, පාර්ලිමේන්තුවෙන් පිටතදී එම ප්‍රකාශ එලෙසම සිදුකරන ලෙසත්, එලෙස ප්‍රකාශයන් නිකුත් කළ සැණින් තම කීර්ති නාමයට සිදුකරන හානිය වෙනුවෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග වලට මුහුණදී බිලියන ගණනක වන්දියක් ගෙවීමට සූදානම් වන ලෙසත්, රේනෝ සිල්වා මහතා මෙම මන්ත්‍රීවරුන්ට අභියෝග කරනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top