බඹර ප්රහාරයකට ලක්වීමෙන් වතු කම්කරුවෙකු මරුට
Thursday, 23 January 2020 - 19:12 | Views - 377
දිඹුල පතන ප්රදේශයේ වතුයායකදී බඹර ප්රහාරයකට ලක්වීමෙන් කම්කරුවෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ එම වතුයායේම පදිංචිව සිටි 56 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු දර සෙවීම සඳහා වත්තට ගොස් ඇති අතර එහිදී ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් බඹර ප්රහාරයට ලක්ව තිබෙනවා.
ප්රතිකාර සඳහා ඔහු කොටගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි මියගොස් ඇත්තේ.
තවත් වතු කම්කරු කාන්තාවන් 4 දෙනෙකු ද බඹර ප්රහාරයට ලක්ව ඇති අතර ඔවුන් ද කොටගල රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබනවා.
Share This Article