වැඩ තහනමට ලක්වූ විනිසුරු ගිහාන් පිලපිටිය වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් CCDයට උපදෙස්
Thursday, 23 January 2020 - 18:53 | Views - 368
වැඩ තහනමට ලක්වූ විනිසුරු ගිහාන් පිලපිටිය අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා, කොළඹ අපරාධ කොට්ඨාශයට උපදෙස් ලබාදී තිබෙනවා.
එසේම, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග සංවාදයේ නිරත වුණු විනිසුරුවරුන්ගේ දුරකථන සංවාද පිළිබඳව තාක්ෂණික සාක්ෂි, එම සේවා සපයන ආයතන වෙතින් ලබා ගැනීමට වහාම කටයුතු කරන ලෙසට ද කොළඹ අපරාධ කොට්ඨාශයට දන්වා ඇති බවයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව, ගිහාන් පිලපිටිය, ධම්මික හේමපාල සහ පද්මිනී රණවක යන විනිසුරුවරුන්ගේ දුරකථන අංක ලබාගෙන අධිකරණ නියෝගයක් මත අදාළ ආයතනවලින් එම තොරතුරු ලබා ගන්නා ලෙසයි නීතිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත්තේ.
Share This Article