මිලානෝ නගරයේ මාවතක් අද්දර බංකුවක් මත නිදා සිටි ශ්රී ලාංකිකයෙකු මරුට
Thursday, 23 January 2020 - 16:57 | Views - 663
ජනවාරි මස දහතුන් වැනි සඳුදා අලුයම ශ්රී ලාංකික පුරවැසියකු මිලානෝ නගරයේ මාවතක් අද්දර බංකුවක් මත මියැදී සිටියදී සොයා ගන්නා ලද බව මිලානෝ පොලිස් මූලස්ථානය වාර්තා කර තිබෙනවා.
මෙම ශ්රී ලාංකික පුරවැසියා නමින් නිශාන්ත ජගත් හේමකීර්ති වැවලගේ වෙන අතර වයස අවුරුදු හතළිස් හතක් බව ද පොලිස් වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
හිංසනයක කිසිදු සලකුණක් මෘත ශරීරය මත නොවෙන අතර මේ දිනවල ඉතාලිය පුරා පවතින අධික ශීතල දේශගුණය හේතුවෙන් මෙම මරණය සිදු වෙන්නට ඇති බව දැනට පිළිගෙන ඇති බවයි සදහන් වන්නේ. මේ සම්බන්ධව මීට අමතරව කිසිදු තොරතුරුක් මිලානෝ පොලිසිය තවමත් ප්රකාශ කර නැහැ.
ආහාර සහ නවාතැන් පහසුකම් ලැබීම සඳහා නිර්දේශිත පුද්ගලයකු ලෙස උක්ත ශ්රී ලාංකිකයා මිලානෝ නගර සභා ස්වේච්ඡා ආයතනයේ 2017 වසරේ සිට ලැයිස්තුගතව සිටිය ද, උපදෙස් පරිදි ආධාර සඳහා එම ආයතනයේ පෙනී සිට නැති බව පොලිස් වාර්තාවට අමතරව කරන ලද සොයා බැලීමේ දී හෙළි වී තිබෙන බවත් සදහන්.
ඉතාලියේ මෙවර සිසිර සෘතුවේ පසුගිය මාස කීපය තුළ අධික ශීතල හේතුවෙන් මහමඟ මිය ගිය හත් වැන්නා ලෙස මෙම මරණය වාර්තා වී තිබෙන බවත් වැඩිදුරටත් සදහන්.
Share This Article