කලකට පස්සේ අති සාර්ථක වූ සායිෆ්
Thursday, 23 January 2020 - 14:45 | Views - 741
වසර කිහිපයක් තිස්සේ දිගින් දිගටම අසාර්ථක නළුවෙකු බවට පත්ව සිටි සායිෆ් අලී ඛාන් මේ වනවිට තිරගත වන ‘ටන්හාජි’ චිත්රපටය හරහා යළි සාර්ථක නළුවෙකු බවට පත්ව සිටියි.
මේ වනවිට මෙම චිත්රපටය ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 167ක ආදායමක් උපයාගන්නට සමත්ව ඇත. කෙසේ වෙතත්, මෙම චිත්රපටය තුළ සායිෆ් පමණක් රංගනයෙන් දායක නොවන නිසාවෙන් ඔහු සාර්ථක නළුවෙකු බවට ඇගයිම ප්රමාණවත් නොවන බවය.
‘ටන්හාජි’ චිත්රපටයේ ප්රධාන නළු චරිතය සායිෆ් සමගින් අජේ දේව්ගන් නිරූපණය කරන අතර, අජේගේ බිරිඳ කාජල්ද මෙහි රංගනයෙන් දායක වී ඇත එමෙන්ම ‘ටන්හාජි’ චිත්රපටය ඉන්දීය රුපියල් කෝටි 150ක් වැය කරමින් නිර්මාණය වූවක්ද වෙයි.
Share This Article