ට්‍රම්ප් දෝෂාභියෝගයේ සාක්ෂි හුවමාරුව ඩිමොක්‍රටික් බෑ කියයි
Thursday, 23 January 2020 - 14:29 | Views - 395
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෝෂාභියෝග නඩු විභාගයේදී රිපබ්ලිකානුවන් සමඟ සාක්ෂි හුවමාරුවක් එක්සත් ජනපද ඩිමොක්‍රටික් සභිකයන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ජනාධිපති ට්‍රම්ප් ධුරයෙන් ඉවත් කිරීමට අපේක්ෂා කරන නීති සම්පාදකයන් විසින් ඔහුගේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්ගෙන් සාක්ෂි විමසීමට බලාපොරොත්තුවෙන් සිටියි.

එහෙත් එක්සත් ජනපදයේ හිටපු උප ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත්‍රයා සාක්ෂිකරුවෙකු ලෙස කැඳවීමේ තීරණය ඩිමොක්‍රටික් සභිකයන් ප්‍රතික්ෂේප කළේය.

නඩු විභාගය ලබන සතියේ අවසන් විය හැකි නමුත් සෙනට් මණ්ඩලයේ බලය ට්‍රම්ප්ගේ රිපබ්ලිකානුවන් වෙත පැවතීම නිසා ඔහුව නෙරපා හැරීමට හැකියාවක් නැත.

බදාදා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සමුළුවට සහභාගී වූ ට්‍රම්ප් මාධ්‍ය හමුවේ මෙම දෝෂාභියෝගය සමච්චලයට ලක්කරමින් පැවසුවේ, “ඉදිරිපස පේළියේ ඉඳගෙන ඔවුන්ගේ දූෂිත මුහුණු දෙස බලා” ඩිමොක්‍රටික් සභිකයන්ට මුහුණ දිය හැකි බවයි.

ට්‍රම්ප් මහතාට බලය අයුතු ලෙස භාවිතා කිරීම සහ කොන්ග්‍රසයට බාධා කිරීම යන චෝදනා එල්ල වී තිබේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top