යළිත් ඕස්ට්‍රේලියාවට අනතුරු ඇඟවීමක්
Thursday, 23 January 2020 - 14:14 | Views - 471
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවල අද දිනයේදී උණුසුම් හා වියලි සුළං සහිත කාලගුණ යක් පවතිනු ඇති බැවින් දැඩි ලැව්ගිනි තත්වයක් නැවත ඇතිවිය හැකි බව කාලගුණ කාර්යාංශය අනතුරු අඟවා සිටින බව විදෙස් මාධ්‍ය සදහන් කර සිටිනවා.
පසුගිය සතිය පුරා ප්‍රාන්තයට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් ලැව්ගිනි ඇතිවුණු ප්‍රදේශවලට යම් සහනදායි වාතාවරණයක් උද්ගත වුවද අධික උෂ්ණත්වය සහ සුළං මගින් නැවතත් ලැව්ගිනි අවධානම ඇතිවිය හැකි බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ගිනි නිවීමේ සේවය ද අනතුරු අඟවා සිටින බව සඳහන්.
දකුණු වෙරළ තීරයේ නව්රා හි උෂ්ණත්වය අංශක 40 ක්, බටහිර සිඩ්නි හි පෙන්රිත්හි ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 43 ක්, හන්ටර් කලාපයේ සෙස්නොක්හි උෂ්ණත්වය අංශක 41 ක්, ප්‍රාන්තයේ උතුරු මැද වෙරළ තීරයේ බුලාඩේලාහි අංශක 42 ක් දක්වා ආදී වශයෙන් අද දිනය තුලදී නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ට වඩා ඉහල අගයක් වාර්තා වනු ඇති බවද එරට කාලගුණ අංශ සදහන් කර තිබෙනවා.
Share This Article