රන් බිස්කට් ගුවන්තොටෙන් පිට කරන්න ගිය තිදෙනෙක් මාට්ටු
Thursday, 23 January 2020 - 10:41 | Views - 416
ගුවන් මගියකු විසින් නීතිවිරෝධී ලෙස රැගෙන එන ලද රුපියල් කෝටි පහකට වැඩි වටිනාකමකින් යුත් රන් අබරණ හා රන් බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපොළින් පිට කිරිමට තැත්කළ 16 හැවිරිදි අයකු ඇතුළු තිදෙනෙකු ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අද (23) අත්අඩංගුවට ගනු ලැබීය.
කිලෝ 5 ½ කට වැඩි මෙම රන් ආභරණ තොගයට මාල, වළලු, මුදු කරාබු අයත් වෙතැයි පවසන මත්ද්‍රව්‍ය නාශක අංශය වැඩි දුර පරීක්ෂණ සඳහා රන් ආභරණ රන් බිස්කට් තොගය සහ සැකකරුවන් රේගුවට බාරදී තිබේ.
Share This Article