ගුවන් තොටුපළේ නව වීසා කවුළු දෙකක්
Thursday, 23 January 2020 - 9:00 | Views - 563
දිවයිනට පැමිණීමේදී හා පිටව යාමේදි ශ්‍රී ලාංකිකයින් සඳහා ගුවන් තොටුපල තුළ වෙනම වීසා කවුලූ දෙකක් විවෘත කිරීමට ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම පියවර ගෙන තිබෙනවා.
පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගුවන් තොටුපලේ සිදුකළ හදිසි සංචාරයේදී ලබාදුන් උපදෙස්වලට අනුව මෙම පියවර ගත් බවයි ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි කියා සිටියේ.
කටුනායක ගුවන් තොටුපලට අමතර පොලිස් ආරක්ෂාවක් යෙදවීමටද මේ වනවිට පියවර ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළා.
ගුවන් තොටුපලට පැමිණෙන මාර්ගයේ පවතින තදබදයට පිළියමක් ලෙස ඇවරිවත්ත මංසන්ධිය අසළින් විකල්ප මාර්ගයක් ඉදිකිරීමටද විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ වනවිට පියවර ගෙන ඇති බවයි ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
Share This Article