මාතර මහ රෝහලේදී පිරිමි වෙසින් ආ අයෙකුට දරුවෙකු ලැබිලා
Thursday, 23 January 2020 - 8:33 | Views - 1,130
පිරිමි පුද්ගලයෙකු ලෙස ලියාපදිංචි වී මාතර රෝහලට ඇතුලත් කළ අයෙකු දරුවෙකු ප්‍රසූත කළ පුවතක් මාතර ප්‍රදේශයෙන් වාර්තාවනවා.

අදාළ පුද්ගලයා මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තාවන්නේ.

ප්‍රථමයෙන් මොහු රෝහල්ගතකර ඇත්තේ උදරයේ ඇතිවූ වේදනාවක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමටයි.

කෙසේ වෙතත් එහිදී ඔහු ඇතුලත් කර සිටි පිරිමි වාට්ටුවේ වෛද්‍යවරයා විසින් රෝගියාගේ උදරය පරීක්ෂා කිරීමේදී ඔහු ගැබ්ගෙන ඇතිබව හඳුනාගෙන තිබෙනවා.

පසුව වෛද්‍ය උපදෙස් මත කඩිනමින් ඔහු ගැබිණි මව්වරුන්ගේ වාට්ටුවට ඇතුලත් කර තිබෙනවා.

එහිදී කලිසමකින් හා කමිසයකින් සැරසී සිටි මෙම පුද්ගලයාට එම වාට්ටුවෙන් චීත්තයක් සහ බෙඩ් ජැකට්ටුවක් ලබාදී ඇති බවයි වාර්තාවන්නේ.

අනතුරුව මෙම පුද්ගලයා විසින් පිරිමි දරුවෙකු  ප්‍රසූත කර ඇතිබවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් දරුවාට අවශ්‍ය මවුකිරි ලබාදීමට මෙම පුද්ගලයාට පියයුරු නොමැතිවීම හේතුවෙන් දරුවාට අවශ්‍ය පිටිකිරි ලබාදීම ආරම්භ කර තිබෙනවා.

පිරිමියෙකු ලෙස ශරීර ලක්ෂණ තිබූ මෙම පුද්ගලයා දීර්ඝ කලක් ඔහු පදිංචිව සිටි ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස රැකියාවේ නිරතව සිට තිබෙනවා.

මෙහිදී අනාවරණ වී ඇත්තේ ඔහුගේ හෝමෝන ක්‍රියාකාරීත්වයේ ඇතිවූ තත්වයක් හේතුවෙන් මෙලෙස පිරිමියෙකු ලෙස හැසිරී ඇති බවයි.

උපතින් එම පුද්ගලයා කාන්තාවක් බවත් අනතුරුව සැත්කමක් සිදුකර පියයුරු ඉවත්කර බවත් එහිදී වැඩිදුර තොරතුරු අනාවරණ වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top