ලොව පුරා බිලියන අඩකට වැඩි පිරිසකට වැටුපක් නොමැතිව පීඩා විඳිති
Thursday, 23 January 2020 - 8:28 | Views - 421
එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ලොව පුරා බිලියන භාගයකට ආසන්න ජනතාවක් ප්‍රමාණවත් වැටුපක් නොමැතිව අරගල කරමින් සිටින බව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ගෝලීය අසමානතාව සහ දේශගුණික අර්බුදය පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා ලෝක නායකයෝ ඩාවෝස් වෙත රැස්‌විය. එහිදී වාර්ථාවක් නිකුත් කරමින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටියේ ලොව පුරා මිලියන 473 කට වැඩි පිරිසකට ඔවුන්ගේ අවශ්‍යතා සඳහා නිසි වැටුප් නොලැබෙන බවයි.
මේ හේතුවෙන් ඒක පුද්ගල දරිද්‍රතාව මෙන්ම ආදායම් විෂමතාවද ඉහළ ගොස් ඇති බවද එම සංවිධානය කියා සිටී.
මෙම වාර්ථාව නිකුත් කරමින් එක්‌සත් ජාතීන්ගේ කම්කරු සංවිධානය තවදුරටත් පැවසූවේ වාර්ථා වූ ඉහළම ගෝලීය විරැකියා තත්ත්වය පළමු වරට 2020 වසරේදී වාර්ථා වන බවයි. වාර්ථා වන දුර්වල ආර්ථික වර්ධනය සහ ගෝලීය ආර්ථික වර්ධනය හේතුවෙන් විරැකියා සංඛ්‍යාව මිලියන 2.5 කින් ඉහළ යයි.මේ වසරේ ගෝලීය වර්ධනය පහත වැටීමේ අවදානමක් ඇති බවට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ මෙම වාර්තාව තුළින් හෙළි විය.
Share This Article