බිරිය ඝාතනය කිරීම ගැන ලෙසතෝ අගමැතිට මිනීමැරීම් චෝදනා
Thursday, 23 January 2020 - 8:26 | Views - 482
ලෙසතෝ රාජ්‍යයේ අගමැති 80 හැවිරිදි තෝමස් තබානේගේ බිරිය ඝාතනය කිරීමේ සිද්ධිය ගැන පොලිසියට කටඋත්තරයක් දෙන ලෙස ඔහුට නියෝග කර ඇත.
ලෙසතෝ අගමැති බිරියවූ ලියොලෙලේ 2017 වසරේදී ඇගේ නිවස අසලදී ඝාතනය විය. ඝාතනය වීමට මසකට පෙර ඇය අගමැතිගෙන් දික් කසාදවීමට තීරණය කර තිබිණි.
මියගිය කාන්තාවට අවසන් වරට ලත් දුරකථන ඇමතුම ගැන පරීක්ෂණ කළ පොලිසිය එම ඇමතුම ලැබී ඇත්තේ අගමැති තබානේගෙන් බව හෙළි කර ගෙන ඇත.
Share This Article