18 පිරුණු පසු විවාහ කර දීමේ අපේක්ෂාව මත ගිය 14හැවිරිදි දැරිය සැමියා පහර දෙනවා කියා පොලිසි ඇවිත්
Thursday, 23 January 2020 - 8:22 | Views - 956

ස්වාමිපුරුෂයා තමාට පහර දෙන බවට ලාබාල දැරියක විසින් කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදුකළ දික්වැල්ල පොලිසිය එම දැරිය 14 හැවිරිදි වියේදී දූෂණය කළ බව කියන පුද්ගලයින් දෙදෙනකු හා ඊට ආධාර අනුබල දුන් කාන්තාවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති දැරිය දූෂණය කළ බව කියන දෙදෙනා කොළඹ හා අම්බලන්තොට ප්‍රදේශවල පදිංචිකරුවෝය. මෙම දැරිය 14 හැවිරිදි වියේදී ‘මගහැරුණු දුරකථන ඇමතුමක්’ හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණයකු සමග පේ‍්‍රම සම්බන්ධයක් ඇති කර ගෙන තිබේ. මෙම පුද්ගලයා විසින් දැරිය පළමු වරට දුෂණය කර ඇති බව හෙළි වී ඇති අතර පසුව දෙමව්පියන්ගේ කැමැත්ත පරිදි එම තරුණයා දැරියගේ නිවසේ මාසයක පමණ කාලයක් ඉද රහසේම දැරිය මගහැර ගොස් ඇති බව පොලිසිය කියයි.
අනතුරුව දෙමව්පියන් විසින් අසල්වැසි කාන්තාවක් ගෙනා විවාහ යෝජනාවක් පරිදි අම්බලන්තොට ප්‍රදේශයේ 33 හැවිරිදි විවාහයෙන් දික්කසා ද වී සිටි පුද්ගලයකුගේ නිවසට දැරිය පිටත් කර යවා ඇත්තේ වයස අවුරුදු 18 පිරුණු පසු විවාහ කර දීමේ අපේක්ෂාව මතය. නමුත් කලක් ගතවෙද්දී එම පුද්ගලයා දැරියට පහරදීම නිසා එම හිරිහැරය දරාගත නොහැකිව දැරිය පැමිණ පොලිසියට පැමිණිලි කර ඇති බව වාර්තා වෙයි.
එම පුද්ගලයින් දෙදෙනාට අමතරව විවාහ යෝජනාව ගෙනන ලද 52 හැවිරිදි අසල්වැසි කාන්තාව හා අම්බලන්තොට ප්‍රදේශයේ සැකකරුගේ මව වන 62 හැවිරිදි කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Share This Article