ලිබියාවේ ටි්රපෝලි ගුවන්තොටුපොළට රොකට් ප්‍රහාර
Thursday, 23 January 2020 - 8:07 | Views - 761
ලිබියාවේ අගනුවර පිහිටි එකම ගුවන්තොටුපොළ වන ‘ට්‍රිපෝලි මිටිගා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට’ රොකට් ප්‍රහාර එල්ල වී ඇත.
අසල්වැසි රටවල් ලිබියාවේ ඇති වී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇල්ජීරියාවට යෑමට දිනකට පෙර මෙම රොකට් ප්‍රහාර එල්ල විය.
ලිබියාවේ ප්‍රතිවාදී පාර්ශව අතර තිබෙන ගැටුම් හේතුවෙන් ගුවන්තොට මීට පෙර ද වසා තැබුණු අතර ඊයේ (22) මෙම රොකට් ප්‍රහාර එල්ල වූයේ සටන් විරාමයෙන් පසු ගුවන්තොටුපොළ නැවත විවෘත කර දින නවයකට පසුවය.
Share This Article