රන්ජන්ගේ හඬ පට තවමත් සභාගත කර නැහැ - පාර්ලිමේන්තුවේ අවධානය යොමු වේ
Wednesday, 22 January 2020 - 19:52 | Views - 364
රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා හඬ පට පාර්ලිමේන්තුවේ සභාගත කරන බව ඊයේ පැවසුවත් මෙතෙක් කිසිදු හඬ පටයක් පාර්ලිමේන්තුවට ලබා නොදීම සම්බන්ධයෙන් අද අවධානය යොමුවුණා.
ඒ, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමත් සමඟයි.
මේ අතර බැඳුම්කර සම්බන්ධයෙන් වන වෝහාරික විගණන වාර්තාව පිළිබඳ විවාදය පෙබරවාරි මාසයේ පළමු පාර්ලිමේන්තු සතියේ දින දෙකකදී සිදු කිරීමට සැළසුම් කර ඇති බවද නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි අද සභාවට දැනුම් දුන්නා.
ඒ, අදාළ වාර්තාවේ ඇමුනුම් නොමැති පිටපත් පමණක් සී.ඩී තැටි මගින් තමන්ට ලැබුණු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා දැනුම්දීමත් සමඟ ඇතිවූ සංවාදයේදියි.
එම සංවාදයේදී රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රන්ජන් රාමනායක, ආචාර්ය හර්ෂ ද සිල්වා, කරුණාරත්න පරණවිතාන, රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ අනුර කුමාර දිසානායක ද අදහස් පළ කළා.
Share This Article