ඇමති දිනේෂ් සේවක අර්ථසාධක අරමුදලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක
Wednesday, 22 January 2020 - 19:51 | Views - 365
ජනතා පැමිණිලි වැඩි වශයෙන් එල්ලවන සේවක අර්ථසාධක අරමුදලේ ගැටලූ ගැන සොයා බැලිම සදහා විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද එම අරමුදලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.

පසුගිය දින කිහිපය පුරාවටම මෙම අරමුදල පිලිබඳව ජනතාවගෙන් ඇමතිවරයා වෙත පැමිණිලි ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට පැමිණෙන ජනතාවට කරදරයකින් තොරව ප්‍රතිලාභ කඩිනමින් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා මෙහිදී බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

පිට පළාත්වලින් සහ දිස්ත්‍රික් කාර්යාලවලින් සේවය ලබා ගැනීම සදහා කොළඹට පැමිණෙන ජනතාවට එම දිස්ත්‍රික්ක කාර්යාලවලින්ම සේවය ලබා ගත හැකි සේ කටයුතු සකස් කරන ලෙසත්, ඔන්ලයින් තාක්ෂණික ක්‍රම මගින් ප්‍රධාන කාර්යාලය හා සම්බන්ධ කරන ලෙසත්, ප්‍රධාන කාර්යාලයේ ඇති කවුළු 12 වැඩිකර මහජනතාවට විශ්වාසනීය සේවයක් ලබා දෙන ලෙසත් නිලධාරීන්ට ඇමතිවරයා මෙහිදී උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ සාකච්ඡාකර විදෙස් ගත ශ්‍රමිකයන් සඳහා දායකත්ව ක්‍රමවේදයක් ඇති කරන ලෙසද උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

එසේම සේවක අර්ථසාධක අරමුදලේ 30% ලබා ගැනීමේදී  දී ඇති නිර්ණායක අනුව ප්‍රතිලාභීන්ට වඩා කාර්යක්ෂමව ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසද ඇමතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top