වසන්ත කරන්නාගොඩ ඇතුලු 14කට විශේෂ ත්රිපුද්ගල මහාධිකරණයෙන් සිතාසි
Wednesday, 22 January 2020 - 19:51 | Views - 568
තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති විශ්රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඇතුලු 14 දෙනෙකුට අනිද්දා විශේෂ ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද සිතාසි නිකුත් කළා.
ඒ චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන විශේෂ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.
2008 - 2009 කාල වකවානුවේදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම පිරිසට චෝදනා එල්ල වනවා.
Share This Article