රියදුරු බලපත්‍ර වෛද්‍ය පරීක්ෂණ සඳහා දින වෙන් කිරීම, ඔන්ලයින් ක්‍රමයට
Wednesday, 22 January 2020 - 14:32 | Views - 507
රියදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය වාර්තා ලබා ගැනීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඔන් ලයින් ක්‍රමවේදය හරහා කාලය වෙන් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. නව ක්‍රමවේදය හරහා ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පැමිණීමකින් තොරව එම පරීක්ෂණ සඳහා දිනයක් සහ වේලාවක් වෙන් කර ගැනීමට හැකියාව පවතින බවයි එම ආයතනයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
ඒ අනුව www.ntmi.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඊට ලියාපදිංචි විය හැකි අතර, නව ක්‍රමවේදය ලබන සඳුදා සිට ක්‍රියාත්මකයි. මේ අතර ඉදිරියේදී රියදුරු බලපත්‍රය නිවසේ සිටම ලබාගත හැකි අවස්ථාව කඩිනමින් ජනතාවට ලබාදෙන බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
Share This Article