ජනප්‍රිය නළු අකිල ධනුද්දරගේ කැදැල්ලට ආ සුරතල් දියණිය -[Photos]
Wednesday, 22 January 2020 - 13:58 | Views - 3,219
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වුන අඛිල ධනුද්දර පහුගිය දවසක කුලුඳුලේම පුංචි දියණියකගේ තාත්තා කෙනෙක් වුනේ ප්‍රවීන කලා ශිල්පින් වුන ජැක්සන් - කුමාරි යුවළටත් කුලුඳුලේම මිනිබිරියකගේ හුරතල් දකින්න වාසනාව උදාකරමින්.  කලා පවුල අලුත් අමුත්තියගේ ආගමනයත් එක්ක සතුටින් ඉපිලෙමින් ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

පවුලේ අය වගේම නෑදෑ හිතවතුන් බොහෝ පිරිසක් අඛිලගේ ආදරණිය බිරිඳ ඇමීවත් පුංචි දියණිය කූශිවත් බලන්න ඇවිල්ලා තිබුනා. මේ වෙද්දී අම්මයි දුවයි දෙන්නම හොඳ සනීපෙන් ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

මේ අතරේ අලුත් උපන් පුංචි දුවගේ නැන්දා එහෙමත් නැත්නම් අඛිලගේ ආදරණිය සහෝදරිය මාධවී අලුත් පුංචි බබා එක්ක බොහොම අපූරු ඡායාරූප වගයක් අරගෙන තිබුනා. බබාගේ මුහුණ පේන්නේ නැති විදිහට හදලා ඉවර වුනාට පස්සේ මේ ඡායාරූප ටික තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කරන්නත් මාධවී අමතක කරලා තිබුනේ නෑ. පුංචි දුව පවුලට එකතු වෙන්නේ  මේ ජැක්සන් පවුලේ දරුවෝ තුන්දෙනා විවහා වෙලා පළවෙනි විවහ සංවත්සරය සමරන්න සුදානම් වෙන වෙලාවක වීමත් බොහොම විශේෂත්වයක් වෙලා තියෙනවා.
Image may contain: 2 people, people dancing and people standing




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top