බටහිර ඉන්දීය කොදෙව් පිළ ලබන මස 10 වන දා දිවයිනට
Wednesday, 22 January 2020 - 12:59 | Views - 441
එක්දින තරඟ 3කට සහ විස්සයි විස්ස තරඟයකට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලබන මාස 10 වන දා දිවයිනට පැමිණෙනවා.
ඒ අනුව පළමු එක්දින තරඟය පෙබරවාරි 22 වන දා පැවැත්වෙන්නේ කොළඹ එස්.එස්.සී. ක්රීඩාංගණයේදියි.
දෙවන එක්දින තරඟය පෙබරවාරි 26 වන දා සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සහ තුන් වන එක්දින තරඟය මාර්තු මස 1 වන දා පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන්නේ දිවා රාත්‍රී තරඟ ලෙසයි.
මාර්තු මස 4 සහ 6 දා විස්සයි විස්ස තරඟ පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇති.
ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මේ දක්වා විස්සයි විස්ස තරඟ 9කට ක්‍රීඩා කර ඇති අතර ඉන් 6ක්ම ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. කොදෙව් කණ්ඩායම සමඟ අවසන් වරට ක්‍රීඩා කළ එක්දින තරඟ 10න් 8ක් ශ්‍රී ලංකාව ජයගෙන තිබෙනවා.
Share This Article