රන්ජන්ගේ හඬපට සභාගත කර නොමැති බව හෙළිවෙයි
Wednesday, 22 January 2020 - 12:56 | Views - 467
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ප්‍රකාශ කළ පරිදි දුරකතන සංවාදය ඇතුළත් හඬපට මෙතෙක් සභාගත කර නොමැති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙකු  හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවේ සිදුකළ කතාවෙන් පසුව ඔහු විසින් සභාගත කරන බවට ප්‍රකාශ කළ හඬපට සම්බන්ධයෙන් තම කාර්යාලයේ නිලධාරීන් ඔහුගෙන් විමසීමක් කළ බවයි.

එහෙත් අදාළ හඬපට එම අවස්ථාවේදී තමන් සතුව නොමැති බවට මන්ත්‍රීවරයා ඔවුන්ට ප්‍රකාශ කර තිබෙනවා.

පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් සිදු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඊයේ කියා සිටියේ තමන් හා දුරකතන සංවාදවල යෙදුණු පුද්ගලයන්ගේ හඬපට සභාගත කරන බවයි.

තමන් අගවිනිසුරුවරු ඇතුළු සමාජයේ ඉහල නිලතල දරණ පුද්ගලයන් සමඟ සිදුකළ දුරකතන සංවාදවල නිරත වූ බවද ඔහු එහිදී ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මූලාසනයෙන් විමසා සිටියේ එම හඬපට සභාගත කර ඇත්ද යන්නයි.

එවිට මූලාසනයේ සිටි මයන්ත දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ ඒවා සභාගත කර නොමැති බවයි.

මේ අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණහොත් පරීක්ෂණයක් සිදුකළ හැකි බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top