අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පස්වරුවේ
Wednesday, 22 January 2020 - 12:32 | Views - 409
දිවයිනේ සියලූම දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව උදෙසා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් රාජකාරිවල යෙදවීම තවත් මසකින් දීර්ඝ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව රටේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් රජය ගෙන ඇති ආරක්ෂක ක්රියාදාමයේ දිගුවක් ලෙසින්.
එමඟින් දිවයිනේ සියලූම පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාමට සන්නද්ධ හමුදාව රාජකාරි සඳහා කැඳවා තිබෙනවා.
මේ අතර, අමාත්‍ය මණ්ඩලය අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබෙනවා.
අද පස්වරු 4.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
Share This Article