කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකු පළමු වරට ඇමරිකාවෙන් වාර්තා වෙයි
Wednesday, 22 January 2020 - 10:34 | Views - 467
චීනයේ පැතිර යන කොරෝනා වෛරසය ආසාදිත වූ පළමු ඇමරිකානු පුද්ගලයා සියැටල් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. අදාළ පුද්ගලයා මීට දින කිහිපයකට පෙර චීනයේ සිට එම ප්‍රාන්තයට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එම පුද්ගලයාගේ රෝග ලක්ෂණ මෙන්ම චීනයේ සිදුකළ සංචාරය පිළිබදව සැක පළ කළ වෛද්‍යවරුන් ඔහුව පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුවයි කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන ඇත්තේ.

මෙම වෛරසය හේතුවෙන් උතුරු කොරියාව ද විදේශීය සංචාරකයින් සඳහා සිය දේශසීමා තාවකාලිකව වසා දමා ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මේ වන විට අදාළ වෛරසයෙන් චීනයේ පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් 300කට අධික පිරිසකට රෝගය ආසාදනය වී ඇති බවටයි වාර්තා වන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top