නාරම්මල දී අනතුරකින් කාන්තාවක් මරුට -තවත් 5 දෙනෙකු තුවාල
Wednesday, 22 January 2020 - 9:36 | Views - 349
නාරම්මල - කුරුණෑගල මාර්ගයේ ගනේගොඩ ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් 5 දෙනෙකු බරපතල තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මිය ගිය කාන්තාව 58 හැවිරිදි වියේ පසුවන සියඹලාගස්කොටුව ප්රදේශයේ පදිංචිකාරිනියක් බවයි පොලිසිය සඳහන් කළේ.
කුරුණෑගල දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ නවතා තිබූ බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි තවත් ලොරි රථයක ගැටී අසළ තිබූ ත්රිරෝද රථයක ද ගැටී ඊයේ මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබූවන් අතර ලොරි රථ දෙකෙහිම රියදුරන් දෙදෙනා සහ එක් ලොරි රථයක ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු සිටින බවයි පොලීසිය සඳහන් කළේ.
Share This Article