ඇල්බට් අන්ස්ටයින් තමන්ගේ බිරිඳට දාපු කොන්දේසි මෙන්න - Photos
Wednesday, 22 January 2020 - 8:47 | Views - 630
එදා මෙදා තුර ලෝකයේ බිහිවූ සුවිශිෂ්ඨ විද්‍යාඥයෙකු විදිහට ඇල්බට් අන්ස්ටයින් හඳුන්වා දෙන්නට පුළුවන්.
 
බොහෝ දෙනෙක් මොහු හඳුන්වන්නේ සාපේක්ෂතාවාදයේ පියා විදිහටයි. ඔහුට හැකියාව ලැබෙනවා 1921 අවුරුද්දේදී, භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට.

ඇත්තටම ඇල්බට් ඇන්ස්ටයින් කොයි තරම් කාර්යබහුල පුද්ගලයෙක් වුණත් ගත කරන්නෙ නම් සාමාන්‍ය ජීවිතයක්. ඔබ නොදන්නවත් ඇති, අන්ස්ටයින් කියන්නේ, දෙවරක් විවාහ වුණු කෙනෙක්.
 
මිලීවා (Mileva Marić) තමයි ඔහුගේ පළමු බිරිඳ වුණේ. එල්සා අන්ස්ටයින් (Elsa Einstein) තමයි අන්සටයින්ගේ දෙවැනි බිරිඳ. ඒත් ඇත්තෙන්ම මිලීමා විවාහ කරගන්නවාට අන්සටයින්ගේ දෙමවුපියන් විරුද්ධ වෙනවා. ඔය විරෝධතා මැද 1903 වර්ෂයේදී ජනවාරි මාසයේදී ඇල්බට් අන්ස්ටයින් මිලීවා හා විවාහ වෙනවා.
 
මේ මිලීවා කියන්නේ ඇල්බට් සහභාගී වුණු පාඨමාලාවක සිටි තවත් සිසුවියක්. ඉතින් ඒ පාඨමාලාව කරගෙන යන කාලය තුළ ඇතිවුණු පෙම් සබඳතාවයක් තමයි මේ විවාහයට මුලාරම්භය වෙන්නේ. ඒ විදිහට විවාහ වුණු ඔවුන්ගේ පළමු දරුවා උපත ලබන්නේ 1904 දී. 1910 දී ඔවුන්ට දෙවැනි දරුවාත් උපත ලබනවා.
 
කොහොම වුණත් මේ විවාහයේදී යම් යම් ගැටලු මතුවෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව වුණේ ඇල්බට් අන්ස්ටයින් විද්‍යාවත් එක්ක කාලය ගත කරපු පුද්ගලයෙකු වීමයි. ඔහු දවසේ හැමවෙලේම වගේ ඉතාමත් කාර්යබහුලයි. මේ හේතූන් නිසාම විවාහයේ පුංචි පුංචි ගැටලු මතු වුණා. ඇල්බට්ගේ රැකියාවේ හැටියට ඇතැම් වෙලාවට ඔවුන්ට විදෙස්ගත වෙන්න පවා සිද්ධ වෙනවා.
 
1914 දීත් ඔවුන්ට විදෙස්ගත වීමට ආරාධනයක් ලැබිලා තියනවා බර්ලින් නුවරට. ඉතින් පවුලේ අයත් එකතු කරගෙන අන්ස්ටයින් බර්ලින් නුවරට යන්න පිටත් වෙනවා. නමුත් ඔහු ඒ වෙද්දි විවාහ වෙලා ඉන්න මිලීවා කැමති වෙන්නෙ නැහැ බර්ලින් යන්න.
 
කොහොම හරි බර්ලින් නුවර ඉඳලා තියනවා, ඇල්බට් අන්ස්ටයින්ගේ පැරණි මිතුරියක්, ඥාති සහෝදරියක්. අසාර්ථක විවාහයක ප්‍රථිපලයක් විදිහට එල්සා කියන මේ මිතුරියත් එක්ක අන්ස්ටයින්ගේ කුමක් හෝ සම්බන්ධතාවයක් ඇති බව මිලීවාට දැන කියා ගන්නට ලැබෙනවා.
 
මෙන්න මේ කියන අනියම් පළහිලව්ව නිසාම අනස්ටයින්, මිලීවාගෙන් නිත්‍යානූකූල වෙන්වීමක් ඉල්ලලා තියනවා. නමුත් ඇය මේකට කැමති වෙන්නෙ නැහැ. මේ අවස්ථාවේදී තමයි මිලීවාට ඇල්බට් අන්ස්ටයින් හා තවදුරටත් ජීවත් වෙන්න උවමනා නම් ඒ සඳහා සපුරාලිය යුතු කොන්දේසි කිහිපයක් ගැන අන්සටයින් විසින් ඉදිරිපත් කරලා තියෙන්නේ.
 
"මගේ ඇඳුම් පැළඳුම් සෝදා මැද ඒවා පිළිවෙලකට තැබීමට ඔබ වග බලා ගත යුතුයි.."
 
"ඒ වගේම උදේ දිවා සහ රාත්‍රී ආහාර මගේ කාමරයට ලබා දිය යුතුයි.."
 
"මගේ නිදන කාමරය සහ අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය දේවල් පිළිවෙලකට තැබිය යුතුයි. විශේෂයෙන්ම මගේ මේසය තිබිය යුත්තේ මගේ භාවිතයට පමණයි.."
 
"සමාජ හේතූන් සඳහා අතවශ්‍ය නොවන බැවින් ඔබ මා සමඟ ඇති සියලු පුද්ගලික සම්බන්ධතා අත්හැරිය යුතුයි.."
 
"විශේෂයෙන්ම නිවසේ මා සමඟ වාඩිවී සිටීම, ඔබ මා සමඟ පිටතට යාම, ගමන් කිරීම නැවැත්විය යුතුයි.."
 
"මා සමඟ ඇති සම්බන්ධතාවයේදී ඔබ මේ කරුණු අනුගමනය කළ යුතුයි. ඔබ මගෙන් කිසිම සමීප ආශ්‍රයක් බලාපොරොත්තු නොවිය යුතුයි."
 
"ඔබ මට කිසිදු විටෙක අපවාද නොකර සිටිය යුතුයි. මා ඉල්ලා සිටි විටෙක ඔබ මා සමඟ කතාව නැවැත්විය යුතුයි..."
 
"මා ඉල්ලා සිටින විට ඔබ කිසිම විරෝධතාවයකින් තොරව මගේ නිදන කාමරයෙන්, කාර්යාල කාමරයෙන් පිටත්ව යා යුතුයි.."
 
"වචනවලින් හෝ ක්‍රියාවලින් අපගේ දරුවන් ඉදිරිපිට මට අපහාස නොකළ යුතුයි.."
 
මේ තමයි.... අන්ස්ටයින් විසින් බිරිඳට දාපු ඒ අපූරු කොන්දේසි කිහිපය. හැබැයි ඉතින් ඇත්තටම මේවා කියවන ඔබ වුණත් හිතන්නේ මේ විදිහේ කොන්දේසිවලට හිස නවලා බිරිඳක් එකඟ වෙයි කියලනම්, හදවතට එකඟව ඒක ඇත්ත නෙවෙයිනේ නේද?
 
එතකොට මේ සුවිශිෂ්ඨ විද්‍යාඥයාගේ බිරිඳ මොන වගේ ප්‍රතිචාරයක් දක්වන්න ඇද්ද?
 
පුදුමයට කරුණ නම් මිලීවා විසින් තම පවුල ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මේ කොන්දේසි සියල්ල සඳහා එකඟත්වය පළ කරලා තියෙනවා.
 
කොහොම නමුත්, ටික කාලයක් ගතවෙද්දි මිලීවාට දැනිලා තියෙන්නෙ අන්ස්ටයින්ගේ හිත තියෙන්නෙ තමන්ගේ ළඟ නෙවෙයි කියලා. ඒ හේතූන් නිසා මිලීවා ඇගේ දරුවනුත් අරන් නිවසින් පිටවෙලා තියනවා.
 
එතනින් පස්සෙ ඔවුන් නීත්‍යානූකුලව වෙන් වූ බවයි සඳහන් වෙන්නේ.
 
මේ අවස්ථාවේ අන්ස්ටයින් මිලීවාට ලියූ දික්කසාද පත්‍රිකාවේත් අපූරු යෝජනාවක් තිබුණූ බව සඳහන්. ඒ තමයි...... ඔහුට අනාගතයේ ලැබෙන නොබෙල් ත්‍යාගයෙන් හිමි වන මුදල සම්පූර්ණයෙන්ම මිලීවාට නැත්තම්, ඔහුගේ ප්‍රථම බිරිඳට ලබාදීමට පොරොන්දු වෙලා තියනවා.
 
මෙතැන තියෙන විශේෂත්වය තමයි අන්ස්ටයින්ට නොබෙල් ත්‍යාගය ලැබෙන්නේ 1921 අවුරුද්දෙදි. නමුත් ඔහු පෙර බිරියට මේ පොරොන්දුව ලබා දෙන්නෙ 1919 අවුරුද්දෙදී.
 
පළමු විවාහයෙන් දික්කසාද වුණු අන්ස්ටයින් දෙවැනි වරට විවාහ වෙන්නේ 1919 ජුනි 2 වැනිදා. බර්ලින් නුවර එල්සා තමයි ඔහුගේ දෙවැනි බිරිය වුණේ. කොහොම නමුත් ඔහුව වඩා හොඳින් තේරුම් ගත්ත බිරියක් විදිහට එල්සා හඳුන්වා දී තිබෙනවා.
 
1935 දී මොවුන් දෙදෙනා ඇමරිකාවට සංක්‍රමණය වෙලා තියනවා. ඒ වගේම දිගු කාලයක් හදවත් හා වකුගඩු ආශ්‍රිත රෝගයක් තිබුණු එල්සා 1936 දෙසැම්බර් මාසයේදී මිය ගිහින් තියනවා. ඒත් අන්ස්ටයින්ගේ පළමු බිරිඳ මිලීවා එතනින් පස්සෙ අවුරුදු 12ක පමණ කාලයක් ජීවත් වෙලා තියනවා. 1948 දී තමයි මිලීවා මියයද්දි ඇය 72 හැවිරිදි වියේ පසුවුණා.

Credit>>> WATAPITA (වටපිට)



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top