රුධිරයේ ආසාදන වසරකට එක්‌ කෝටි දස ලක්‍ෂයක්‌ බිලිගන්නා සැඟවුණු මරුවා
Wednesday, 22 January 2020 - 8:38 | Views - 382
ලෝකයේ සෑම පුද්ගල මරණ පහක්‌ අතරින් එකක්‌ සිදුවන්නේ රුධිරයේ ඇතිවන ආසාදිත තත්ත්වයක්‌ හේතුවෙන් බව ඒ සම්බන්ධයෙන් සිදු කළ පුළුල් විශ්ලේෂණයකින් පෙනී යයි.
 
 මෙම තත්ත්වය රුධිරය විෂවීමක්‌ ලෙස ද හැඳින්වේ.
 
 රුධිරය විෂවීම හේතුවෙන් දළ වශයෙන් වසරකට පුද්ගලයන් එක්‌ කෝටි දස ලක්‍ෂයක්‌ මියයන බව අදාළ වාර්තාවේ දැක්‌වෙන අතර, එය පිළිකා රෝගය හේතුවෙන් සිදුවන මරණ ගණනට වඩා අධිකය.
 
 මෙය මින් පෙර ඇස්‌තමේන්තු කළ මරණ ගණන මෙන් දෙගුණයක්‌ බව මෙය zබියට උපදවනZ තත්ත්වය ගැන හෙළි කළ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ පරීක්‍ෂකයෝ පවසති.
 
 රුධිරයේ ආසාදිත තත්ත්වයක්‌ හේතුවෙන් සිදු වූ මරණ බොහෝ ප්‍රමාණයක්‌ වාර්තා වන්නේ අවම හෝ මධ්‍යම ආදායම්ලාභී රටවලිනි. කෙසේ නමුත්, දියුණු රටවල් පවා මෙම තත්ත්වය පාලනය කර ගැනීමට උත්සහ කරමින් සිටිති.
 
 රුධිරයේ ආසාදිත තත්ත්වයක්‌ යනු කුමක්‌ද?
 
 විනිශ්චය කිරීමට ඉතා අපහසු මෙම රෝගී තත්ත්වය zසැ`ගවුණු මරුවාZ ලෙසද හැඳින්වේ.
 
 ප්‍රතිශක්‌ති පද්ධතිය දැඩි වේගයකින් ක්‍රියා කිරීම මෙයට හේතුවකි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස සිරුරේ ඇති වූ ආසාදන තත්ත්වයකට එරෙහිව සටන් කරනු වෙනුවට, එම පද්ධතිය සිරුරේ අනෙක්‌ කොටස්‌වලට ද හානි කිරීම මෙහිදී සිදු වෙයි.
 
 අවසානයේ දී මෙමගින් ශරීර කොටස්‌ අක්‍රීය වීම සිදු වනු ඇත. රෝගය සුව වුව ද ශරීර කොටස්‌වලට දිගු කාලීන හානි හෝ විවිධ ආබාධ ඇති විය හැකිය.
 
 අතීසාරය හෝ පෙනහලු රෝග ඇති කිරන බැක්‌ටීරියා සහ වෛරස්‌ රුධිරයේ ආසාදන තත්ත්වයන් හට ගැනීමට ප්‍රධාන හේතුවය.
 
 මරණ ගණන වැඩි වීමට හේතු මොනවාද? පෙර සිදු කළ විශ්ලේෂණයට අනුව, එක්‌ කෝටි අනූ ලක්‍ෂයක පිරිසක්‌ මෙය රෝගී තත්ත්වයෙන් පීඩා විඳින අතර, වසරකට සිදුවන මරණ ගණන මිලියන පහකි. නමුත්, මෙම පරීක්‍ෂණයට පදනම් කරගෙන ඇත්තේ බටහිර රටවල් කීපයක්‌ පමණි.
 
 නව වාර්තාව සකස්‌ කර ඇත්තේ රටවල් 195 ක දත්ත විශ්ලේෂණය කිරීමෙන් වන අතර, එය ලැන්සට්‌ වෛද්‍ය ස`ගරාවේ පළ කර තිබේ. මෙයට අනුව, වසරකට ලොව පුරා පුද්ගලයන් මිලියන 49 ක්‌ රුධිරය විෂ වීමේ රෝගී තත්ත්වයන්ට ගොදුරු වේ.
 
 ලොව පුරා මියයන සෑම පුද්ගලයන් පස්‌දෙනෙකුගෙන් එක්‌ අයෙක්‌ මෙම රෝගී තත්ත්වයෙන් මිය යන අතර, සම්පූර්ණ ගණන එක්‌ කෝටි දස ලක්‍ෂයකි.
 
 මම උගණ්‌ඩාවේ දුෂ්කර පළාත්වල රැකියාව සිදු කර තිබෙනවා. රුධිරය ආසාදනය වූ රෝගීන් අපි හැමදාම දැක තිබෙනවා යෑයි පරීක්‍ෂණ කණ්‌ඩායමේ සාමාජිකයෙකු වන සහාය මහාචාර්ය ක්‍රිස්‌ටිනා රඩ් පැවසීය.
 
 අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල රැකියාව කරන මගේ සගයන් හැමදාම මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර කරනවා. රුධිරයේ ආසාදන තත්ත්වයන් ඇති වීමෙන් රොගී වීම විශාල අර්බුදයක්‌ බවට පත් වී තිබෙන බව ඔවුන් වසර ගණනාවක සිට පවසනවා.
 
 මේ හේතුවෙන් අදාළ දත්ත ගැන මම පුදුම වෙන්නේ නැහැ. හැබැයි මින් පෙර සිදු කළ තක්‌සේරුව දෙගුණයක්‌ වේ යෑයි මම බලාපොරොත්තු වුණේ නැහැ. ඇය පැවසූවාය.
 
 මෙම තත්ත්වය අදාළ සුබවාදී ආරංචිය නම්, 1990 සිට මේ දක්‌වා රුධිරය විෂ වීම හේතුවෙන් රෝගී වූ පුද්ගලයන් සහ මරණ සංඛ්‍යාවේ අඩු වීමක්‌ දක්‌නට ලැබීමය.
 
 මෙම ප්‍රශ්නයේ බරපතළ බව වටහා ගෙන අදාළ තත්ත්වය ගැන දැනුවත් වීම තුළින් මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට අපේක්‍ෂා කෙරේ.
 
 මෙහි බලපෑම එල්ල වී ඇත්තේ කාහටද?
 
 රුධිරයේ ආසාදන තත්ත්වයක්‌ හේතුවෙන් රෝගී වූ පුද්ගලයන්ගෙන් 85% ක වාර්තා වන්නේ අවම සහ මධ්‍යම ආදායම්ලාභී රටවලිනි.
 
 දරුවන් මෙම තත්ත්වයට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක්‌ ඇති අතර, සෑම රෝගී දරුවන් දස දෙනකු අතරින් හතර දෙනෙකු වයස අවුරුදු පහට අඩුය.
 
 කැනඩාව, ප්‍රංශය සහ ස්‌පාඤ්ඤය වැනි රටවලට වඩා රුධිරය විෂවීම හේතුවන් එක්‌සත් රාජධානිය තුළ සිදුවන මරණ ප්‍රමාණය වැඩි අතර එය වසරකට 48,000 ක්‌ බව වාර්තාවක සඳහන් වේ.
 
 සිදු කළ යුත්තේ කුමක්‌ද?
 
 ආසාදන ඇතිවීම අවම කර ගැනීමෙන් රුධිරය විෂ වීමේ තත්ත්වය ද අඩු කර ගත හැකිය.
 
 රෝග වැළැක්‌වීමේ එන්නත් ලබා දීමෙන්, පිරිසිදු ජලය සහ පවිත්‍රතාව දියුණු කිරීමෙන් බොහෝ රටවලට මෙම තත්ත්වය ම`ගහරවා ගත හැකිය.
 
 අනෙක්‌ අභියෝගය නම්, රුධිර ආසාදන සහිත රෝගීන් හඳුනාගෙන කල් ගත වීමට පෙර ප්‍රතිකාර කිරීමය.
 
 රෝගයේ මුල් අවධියේ දී ප්‍රතිජීවක සහ ප්‍රතිවෛරස ඖෂධ ලබා දීමෙන් විශාල වෙනසක්‌ සිදු කළ හැකිය.
 
 මීට පෙර ඇස්‌තමේන්තු කළ ගණනට වඩා රුධිර ආසාදන හේතුවෙන් මියයන ගණන විශාල ලෙස වැඩි වී ඇතැයි සොයා ගැනීම අපි තැතිගැන් වූවා. විශේෂයෙන්ම මෙම තත්ත්වය වළකා ගත හැකි දෙයක්‌ වගේම ප්‍රතිකාර කළ හැකි දෙයක්‌ නිසා යෑයි මහාචාර්ය මෝසෙන් නගා වි පැවසීය.
 
 රුධිර ආසාදන වීමේ ලක්‍ෂණ මොනවාද?
 
 වැඩිහිටියන්
 
 අපැහැදිලි කතා බහ
 
 දැඩි ලෙස වෙව්ලීම හෝ මාංෂපේශීවල වේදනාව
 
 දිනක්‌ තුළ මුත්‍රා පිට නොවීම
 
 දැඩි ශ්වසන අපහසුතා
 
 හෘද ස්‌පන්දන වේගය වැඩි වීම හෝ ශරීර උෂ්ණත්වය වැඩි හෝ අඩු වීම
 
 සමේ පැල්ලම් ඇති වීම හෝ දුර්වර්ණ වීම
 
 දරුවන්
 
 සමේ පැල්ලම්, නිල් හෝ සුදු මැලි පැහැයෙන් දිස්‌ වීම
 
 ඉතා අලස බවක්‌ මෙන්ම නින්දෙන් අවදිවීමේ අපහසුතා
 
 ස්‌පර්ශ කරනවිට දැනෙන දරුවාගේ අසාමාන්‍ය ශීතල සිරුර
 
 වේගයෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීම
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top