දිවයිනේ ස්ථාන කිහිපයකට අද දිනයේත් වැසි
Wednesday, 22 January 2020 - 8:25 | Views - 413
දිවයිනේ නිරිතදිග කොටසේ නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වලට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද දිනයේ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එමෙන්ම හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලටත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර උතුර පළාතේ ඇතැම් ස්ථානවලට ද වැසි ඇති විය හැකියි.
සබරගමුව සහ බස්නාහිර පළාත්වලටත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අතැම් ස්ථානවලටත් සවස දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
Share This Article