අන්තර්ජාලය ඔස්සේ ගණිකා වෘත්තියේ නිරතවූ, උස්බෙකිස්ථාන කාන්තාවන් පස්දෙනෙකු අත්අඩංගුවට
Wednesday, 22 January 2020 - 8:17 | Views - 519
සංචාරක වීසා මත දිවයිනට පැමිණ ගණිකා වෘත්තියේ නිරතවු උස්බෙකිස්ථාන ජාතික කාන්තාවන් පස්දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අන්තර්ජාලය හරහා දැන්වීම් පළ කරමින් මෙම කාන්තාවන් ගණිකා ජාවාරමේ නිරතව ඇති අතර, ඒ පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුවයි ඊයේ මෙම වැටලීම සිදුකර ඇත්තේ.
වැල්ලවත්ත සහ බම්බලපිටිය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් එම කාන්තාවන් අවුරුදු 25 ත් 35 ත් අතර වයස්වල පසුවනවා.
ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මිරිහාන රැඳවුම් කඳවුර වෙත රැගෙන ගොස් තිබෙනවා.
Share This Article