ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබූ එළවළු මිල ගණන් පහළට
Tuesday, 21 January 2020 - 21:21 | Views - 1,719
ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබූ එළවළු මිල ගණන් මේ වන විට පහළ යමින් තිබෙනවා.මේ අතර අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසුවේ බදු සංශෝධන මගින් පාරිභෝගිකයින්ට මෙතෙක් ලැබී නොමැති සහන පිළිබඳවද මේ වනවිට අවධානය යොමු කර ඇති බවයි.පසුගිය මාසයේ සිට මේ දක්වාම දිවයින පුරා එළවළු මිල ගණන් පැවතියේ ඉහළ අගයන්වලයි.නියමිත පරිදි එළවළු තොග නොලැබීම මෙම මිල ඉහළ යාමට හේතු වූ බව එළවළු වෙළෙඳුන් පැවසුවා.ඉහළ ගොස් තිබූ එළවළු මිල සහ ඉදිරි සහන සේවා කටයුතු පිළිබඳ දැනුවත් කිරීම සඳහා අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.
Share This Article