ගාල්ලේ කුණු ප්‍රශ්නයට තාවකාලික විසඳුමක්
Tuesday, 21 January 2020 - 19:34 | Views - 537
රත්ගම - පන්විල - මොන්රෝවියාවත්තේ කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට කසල ප්‍රවාහනය කිරීම සහ භාර ගැනීම තහනම් කරමින් නිකුත් කරන ලද කොන්දේසි සහිත ආඥාව මාස 6 ක කාලසීමාවකට ඉවත් කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද නියෝග කළා.
ඒ, පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරු අධිකරණය හමුවේ පෙනී සිටිමින් මාස 6 කාලයක් තුළ කසළ ගැටළුවට විසඳුමක් ලබාදෙන බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.
කසළ මධ්‍යස්ථානය නිසා අවට පදිංචිකරුවන්ට දෛනික කටයුතු කරගෙන යාමට නොහැකිව දැඩි දුර්ගන්ධයක් පැතිර යන බවටත්, ළිං ජලයට අපද්‍රව්‍ය මුසුවී ඇති බවටත් රත්ගම පොලීසිය පසුගියදා අධිකරණයට කරුණු දැක්වූ අතර, ඒ අනුවයි එම ස්ථානයට කසළ රැගෙන ඒම අත්හිටවනු ලැබුවේ.
Share This Article