මහබැංකු වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ
Tuesday, 21 January 2020 - 13:33 | Views - 603
මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගනනයේ වාර්තාව සභාගත කිරීමට කථානායක කරු ජයසූරිය තීරණය කර තිබෙනවා.
අද පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදී ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ එය කෝප් කමිටුවට පමණක් නොව පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට තමා නිර්දේශ කරන බවයි.
අදාළ වෝහාරික විගනන වාර්තාව මේ අවස්ථාවේ මන්ත්‍රීවරුන් වෙත ලබාදීම යෝග්‍ය නොවන බවට නීතිපතිවරයා විසින් දැනුම්දීමක් කර තිබුණා.
කෙසේ නමුත්, අදාළ වාර්තාව සභාගත කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් කථානායකවරයා වෙතින් ඉල්ලීමක් කළා.
වාර්තාව සභාගත කරන බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ ඒ සඳහා දෙදින විවාදයක් ඉල්ලා සිටි නමුදු පක්ෂ නායක රැස්වීමකින් අනතුරුව එය තීරණය කරන බවයි කථානායකවරයා කියා සිටියේ.
Share This Article