රාජිතට ඇප ලබාදීමට එරෙහිව ගොනු කළ ප්රතිශෝධන අයදුම්පත විභාගයට ගැනීමට දින නියම වෙයි
Tuesday, 21 January 2020 - 11:32 | Views - 386
පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්නට ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ ප්රතිශෝධන අයදුම්පත ලබන මාර්තු මස 5 වන දා සලකා බැලීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
ඒ, ඊට අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න හමුවේ කැදවූ අවස්ථාවේදියි.
එහිදී විනිසුරුවරයා මන්ත්රීවරයාට එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස ද නොතීසි නිකුත් කළා.
පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්නට ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ ප්රතිශෝධන අයදුම්පත පසුගිය 17 වන දා මුල් වරට කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනුණා.
නඩු විභාගය කැදවූ අද දිනයේ ද පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න කොළඹ මහාධිකරණයට පැමිණ සිටි බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
Share This Article