මත්ස්‍ය අපද්‍රව්‍ය ප්‍රවාහනය කළ ලොරියක් මන්නාරමේදී පෙරළෙයි- [Video]
Tuesday, 21 January 2020 - 9:55 | Views - 357
යාපනය සිට මන්නාරම බලා ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් අද (21) අලුයම මන්නාරම ප්‍රධාන පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මත්ස්‍ය අපද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුරෙන් ලොරි රථයේ රියදුරු තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා මන්නාරම මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රියදුරුට රථය පාලනයකර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
Share This Article