නව චීන වෛරසය මිනිසුන් අතර සම්ප්‍රේෂණය වන බව තහවුරු වෙයි
Tuesday, 21 January 2020 - 9:47 | Views - 503
සාර්ස් වෛරසයට සමාන නව කොරෝනා වෛරසය මිනිසාගෙන් තවත් මිනිසෙකුට සම්ප්‍රේෂණය විය හැකි බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කළා.
එහි වෛද්‍ය විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ වෛරස් රෝගය කේන්ද්‍ර ගත වී ඇති වූහාන් ප්‍රාන්තයේ පමණක් නොව වෙනත් නගරවලට ද එය දැන් ව්‍යාප්ත වී ඇති බවයි.
බීජිං අගනුවර සහ ෂැංහයි නුවරින් ද නව කොරෝනා වෛරසයේ ආසාදිතයන් හමුවී ඇති අතර චීනයේ හතර වන ආසාදිතයා ද මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
මේ වන විට වෛරසය ආසාදනය වී ඇති සංඛ්‍යාව 200 ඉක්ම වන අතර ආසාදිතයන් ජපානය, තායිලන්තය සහ දකුණු කොරියාවෙන් ද වාර්තා වනවා.
Share This Article