රියදුරු බලපත්‍රයක් නොමැතිව, අම්මා පැදවූ ති‍්‍රරෝදය පෙරළී මාස 9 දැරිය මරුට
Tuesday, 21 January 2020 - 9:15 | Views - 1,897

මිනුවන්ගොඩ - කොළඹ ප්‍රධාන මාර්ගයේ මිනුවන්ගොඩ ජාපාලවත්ත ප්‍රදේශයේදී (18 වැනිදා) සවස මව විසින් ධාවනය කළ ත්‍රීවිල් රථය පෙරළී යෑමේදී ත්‍රීවීල් රථය තුළ සිටි මාස 09 ක්වූ දැරිය ත්‍රීවීල් රථයෙන් එළියට විසිවී බිම ඇද වැටීමෙන් අනතුරුව මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසියේ රථවාහන අංශය පවසයි.
ජාඇල, වැලිගම්පිටියේ පදිංචි කේ. ආදිත්‍යා ප්රබෝදනී නමැති මාස 06 ක් වයසැති දැරිය මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
ත්‍රීවීල් රථය ධාවනය කළ මියගිය දැරියගේ මව සහ අවුරුදු 03 ක් වයසැති මියගිය දැරියගේ සොහොයුරිය තුවාල ලබා ගම්පහ මහරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් ත්‍රීවීල් රථය තුළ සිටි මියගිය දැරියගේ 66 හැවිරිදි ආච්චි අම්මාද තුවාල ලබා මිනුවන්ගොඩ මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි. ත්‍රිරෝද රථය මිනුවන්ගොඩ දෙස සිට කොළඹ දෙසට ධාවනය කර තිබේ. ති‍්‍රරෝද රථය දකුණු මංතීරුව ආක්‍රමණය කරමින් අපරීක්ෂාකාරී සහ නොසැලකිලිමත්ව ධාවනය කිරීමේදී ති‍්‍රරෝද රථය පාලනය කර ගැනීමට නොහැකිව ගොස් ත්‍රීවීල් රථය පෙරළී මාර්ගයේ ගමන් කළ වාහනයක ගැටී ඇති බවද පොලිසිය පවසයි.
ති‍්‍රරෝද රථය ධාවනය කළ 21 හැවිරිදි කාන්තාවට වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති බවටද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
මියගිය දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේදී (19 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබුණි.
මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. රොහාන් මනේස් මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති පො.ප. මහීපාල ගුණවර්ධන, කොස්තාපල්වරුන් වන පේ‍්‍රමරත්න (77163), කුමාර (88795), සුමීර (82668) යන නිලධාරීන් එම අනතුර සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර ත්‍රීවීල් රථය ධාවනය කළ කාන්තාව අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.
Share This Article