උකුලේ සිටි 4 හැවිරිදි පුතා අතින් ඇක්ස්ලේටරයේ වේගය වැඩිවුණා මට ත‍්‍රිරෝදය පාලනය කර ගන්න බැරිවුණා
Tuesday, 21 January 2020 - 8:58 | Views - 1,558
සිද්ධිය වූ තෛපොංගල් දිනයේ (15 ) මමත් පුතාල දෙන්නාත්, ඥාතියකුගේ දරුවෙකුත් ත‍්‍රිරෝද රථයෙන් නන්පෙරිල් වත්තේ පහළ කොටසේ තිබෙන කෝවිලට එමින් සිටියදී ත‍්‍රිරෝද රථය වංගුවේ තිබූ බැම්මේ හැපී පෙරළුණා. වහාම මම පිටුපස අසුනේ සිරවී සිටි දරුවන් දෙදෙනා ඉවතට ගත්තා. එහිදී අවුරුදු අටක් වයස මගේ පුතාට අමාරුයි වගේ දැනුණා. වහාම වාහනයක් ගෙන්වාගෙන බළන්ගොඩ රෝහලට ගෙන ගියා. එහිදී ඔහු මියගියා. මෙම වංගු සහිත මාර්ගයේ රථය හිමින් පැදවුවත් උකුලේ සිටි මගේ (වයස අවුරුදු 4) පොඩි පුතා අතින් ඇක්ස්ලේටරය කැරකැවී වේගය වැඩුවුණා. එහිදී මට රථය නතර කර ගන්න නොහැකි වුණා.

බළන්ගොඩ නන්පේරියල් මාර්ගයේදී සිදුවූ ත‍්‍රිරෝද රථ අනතුරින් මියගිය පුෂ්පනාදන් මිදුෂාන් නමැති 8 හැවිරිදි දරුවාගේ මරණය පිළිබඳව බළන්ගොඩ මූලික රෝහලේදී 16 දා පැවැති මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දෙමින් එම ප‍්‍රකාශය කළේ දරුවාගේ පියා වූ නඩරාජා පුෂ්පනාදන් නමැති අයයි.

පශ්චාත් මරණ පරීක්‍ෂණය බළන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛi නිලධාරි බී. එන්. ගුණවර්ධන මහත්මිය විසින් සිදුකරන ලදී.

සාක්‍ෂි මෙහෙයවීම සමනළ වැව පොලිස් මුරපළේ පො.සැ. (42624) රවීන්ද්‍ර කුමාර් මහතා විසින් සිදු කෙරිණි.

මෙය මොළයට සිදුවූ හානි නිසා සිදුවූ හදිසි මරණයක් බවට බළන්ගොඩ වැඩබලන නාගරික හදිසි මරණ පරීක්‍ෂක එස්. එම්. අයි. ඞී. මීගස්දෙනිය මහතා තීරණය කළේය.

ත‍්‍රිරෝද රථයේ රියැදුරු වූ මියගිය දරුවාගේ පියා පොලිස් ඇප මත මුදාහැරිණි. ඔහු සතුව වාහන පැදවීමේ බලපත‍්‍රයක්ද නොතිබූ හෙයින් මේ පිළිබඳ අධිකරණ කටයුතු ඉදිරියේදී සිදුකරන බව පොලිසිය සඳහන් කළේය.

බළන්ගොඩ - එන්. එච්. පියසේන
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top