ණය ගෙවා ගැනීමට නොහැකිව ජීවිත හැර යන්න සිතූ එකම පවුලේ තිදෙනා
Tuesday, 21 January 2020 - 8:04 | Views - 570
එකම පවුලේ තිදෙනෙකු වස පානය කර සියදිව නසා ගැනීමට උත්සහ කළ පුවතක් යාපනය, මඩ්ඩුවිල්ලසන්දිපුරම් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එකම පවුලේ මව, දියණිය සහ දියණියගේ ස්වාමිපුරුෂයා ඊයේ (20) පස්වරුවේ මෙලෙස සිය දිවි හානිකර ගැනීමට උත්සහ කර තිබෙනවා.

මෙලෙස වස පානය කළ තිදෙනාගෙන් මව ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇයගේ දියණිය සහ බෑණා බරපතල තත්ත්වයේ පසුවීම හේතුවෙන් යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

පොලිසිය පැවසූවේ ලබාගත් ණය මුදලක් ගෙවා ගැනීමට නොහැකිවීමෙන් ඇති වු සිත් තැවුලක් මත අදාළ පිරිස වස පානය කර ඇති බවට මූලික පරීක්ෂණයන්ගෙන්අනාවරණය වී ඇති බවයි.

යාපනය ඇතුළු උතුරු පළාතේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන තුළින් අධික පොළියට ණය ලබාගෙන එම ණය පියවීමට නොහැකිව පුද්ගලයින් කිහිපදෙනෙකු පසුගිය සමයේ  සියදිවි හානිකරගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top